හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි


(රොමේෂ් මධුෂංඛ)

යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කළේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

පුම්බුහාර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තුරෙයිරාජා සෙල්වකුමාර් නැමත්තා මෙලෙස ඝාතනය වී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් මුලුතැන්ගෙයි තිබූ හිරමනයකින් කළ  පහරදීමකින් සැමියා මෙලෙස මිය ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය වූ ස්ථානයට යාපනය මහෙස්ත්‍රාත් ඒ.පීටර්පෝල් මහතා ගොස් මහෙස්ත්‍රාත් පරික්ෂණය කළ  අතර  ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන ලෙසට පොලීසියට නියෝග කර  සිටියේය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සමග සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන  ඇය ළගින් ඇසුරු කළ බව කියන තවත් පුද්ගලයකුද සැකපිට අත්අඩංගුවට ගත් බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.